අප ආයතනය සතු සේවාවන්...

හෙළ සිරිතට අනුව කුළ කුමරියක සහ කුළ කුමරුවෙකු විවාහ පත් වීමේදි, ජන්ම පත්‍ර කෙන්ද්‍රානුකූලව සුභ මුහුර්තයක් අනුව පෝරුවේ චාරිත්‍ර ඉෂ්ඨ සිද්ධ කරනු ලබයි. එයට සමගාමීව ඇතුළත් සියලු චාරිත්‍ර වාරිත්‍ර පාරම්පරිකව සහ සම්ප්‍රදායානුකූලව ඉටු කර ගැනීම සහ නව යුවතිපති දෙපළට ආශිර්වාද කීරීම පෝරුවේ චාරිත්‍ර තුළින් වඩාත් වැදගත් වේ. එහිදී අප සතු සේවාවන් කිහිපයක් පහත පරිදි වේ.


මනමාල කුමරා පිළිගැනීම (මනාළියගෙ නිවසට හෝ හෝටලයට).
- පැමිණෙන කුළ කුමරුවන් සහ ඤාති පිරිස උඩරට නර්තන කණ්ඩායම පෙරදැරිව කැඳවාගෙන ඒම.

මනාල කුමරිය කැඳවාගෙන ඒම.
- උඩරට නර්තන කණ්ඩායම් පිරිවරාගෙන මනාල කුමරිය පෝරුව අසළට කැඳවාගෙන ඒම.

පෝරුවේ චාරිත්‍ර(අෂ්ඨක) විධි ඉටු කිරීම.

  • සතර වරම් දෙවියන් වෙනුවෙන් සතර කොන සතර පහන් දල්වා ආලෝකමත් කිරීම.
  • ත්‍රිවිධ රත්නය වෙනුවෙන්, දෙවියන් වෙනුවෙන් නමස්කාර ගාථා, ස්ත්‍රෝත්‍ර සහ අෂ්ඨක ගායනය(අවසර ගැනීම).
  • නව යුවතිපති දෙපළ අෂ්ඨක ගායනා මැද පෝරු මස්ථකාරූඪ කිරීම.
  • ත්‍රිවිධ රත්නය සහ දෙවියන් වෙනුවෙන් බුලත් හුරුළු වෙන් කිරීම.
  • යශෝධරා අෂ්ඨක, ශ්‍රී විෂ්ණු අෂ්ඨක, සරස්වතී අෂ්ඨක, ගණදෙවි අෂ්ඨක සහ දළදා අෂ්ඨක ආදී අෂ්ඨක ගායනය.
  • තැලි පිලි ඇන්දවීම.
  • මුදු - මාල පැළඳවීම.
  • ජයමංගල ගාථා ගායනය සහ අතැඟිලි බැඳ අතපැන් වත් කිරීම.
  • දෙපාර්ෂවයේ සත් මුතු පරම්පරාව සිහිකිරීම වෙනුවෙන් බුලත් හුරුළු 07 මාරු කිරීම.
  • පෝරුව ඉඳුල් කිරීම.
  • මනාලියගේ මෑණියන්ට කිරි කඩ හේලය, පියාණන්ට, මාමාට බුලත් හුරුළු සහ තෑගි පිළිගැන්වීම.
  • මනාල මහතාගේ දෙමාපියන්ට බුලත් දීම (තෑගී පිළිගැන්වීම).
  • ඥාතීන්ට බුලත් දීම.
  • භුමිදේවී අෂ්ඨක ගායනය.
  • පෝරුවෙන් බැස්සවීම සහ පොල් ගෙඩිය බිඳීම.

ජයමංගල ගාථා ගායනය (බාලිකාවන් විසින්).

මගුල් බෙර වාදනය.

ප්‍රාසාංගික නර්තන අංග.

කිරි ඉතිරවීම (Milk Fountain).

Champagne Fountain.

සේසත් / මුතුකුඩය.


අනෙකුත් සේවා

සංස්කෘතික සංදර්ශන - Cultural Shows

පිරිත් පිංකම් සඳහා හේවිසි කණ්ඩායම් සැපයීම.

පෙරදිග තූර්ය වාද්‍ය භාණ්ඩ නිෂ්පාදනය සහ අළුත්වැඩියාව (ගැට බෙර, පහතරට බෙර, දවුල්, තම්මැට්ටම් ආදී වාද්‍ය භාන්ඩ)


පෙරදිග තූර්ය වාද්‍ය භාණ්ඩ
නිෂ්පාදනය සහ අළුත්වැඩියාව

ගැට බෙර, පහතරට බෙර, දවුල්, තම්මැට්ටම් etc...